
Launch
අන්තර්ජාලය හා ජංගම දුරකතනය ඔස්සේ ගොවි මහතුන් සහ වෙළද මහතුන් මුණගස්වන farmernet නවතම සේවා පද්ධතිය 2009 සැප්තැමිබර් 11 දින නුවරඑළිය ගල්පාලම ගම්මානයේදි එළි දැක්වේ.
නුවරඑළිය ගමක ගොවි මහතකු තමා ලග ඇති එළවළු තොගය පිළිබඳ විස්තරය සිය ජංගම දුරකතනය ඹස්සේ SMS කෙටි පණිවුඩයක් මගින් 0115 512 512 ඔස්සේ www.farmer.lk වෙබි අඩවියට තොරතුරු ඇතුලත් කරයි, එසැනකින් එම පණිවුඩය farmernet සේවාව සමග ලියාපදින්චි වී සිටින එම වර්ගයේ එළවළු මිලදී ගන්නා වෙළද මහතුන් වෙත SMS පණිවිඩයක් ලෙසින්, ගොවි මහතාගේ දුරකතන විස්තරද ඇතුලත්ව වෙළද මහතුන්ගේ දුරකතනයට යොමු කරනු ලබයි. ඒ අනුව ගොවි මහතා (ඉල්ලූමිකරු) හා වෙළද මහතා (සැපයුමිකරු) සිය දුරකතන ඹස්සේ එකඟතාවයට පැමිණ එම ගණුදෙනුව අවසන් වනුයේ රස්තියාදුවකින් තොරව, දෙදෙනාටම තෘප්තිමත් විය හැකි සාධාරණ මිලක් ලැබෙන සාධාරණ ගණුදෙනුවක් ලෙසිනි.
මෙය තවත් ප්‍රබන්ධ කතාවක් නොවේ. සර්වෝදය තොරතුරු තාක්ෂණ වැඩසටහන-ෆියුෂන් (FUSION) මගින් හඳුන්වා දී තිබෙන Farmernet සේවාව ඔස්සේ සැබවින්ම මේ දිනවල සිදුවන්නකි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂුණ නියෝජිතායතනය (ICTA), සර්වෝදය-එක්සත් රාජධානිය (Sarvodaya-UK) , සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවාව (SEEDS) මෙම නවතම සේවාවේ ප්රමුඛ හවුල් කරුවන් වන අතර සන්නිවේදන තාක්ෂණ පහසුකමි සලසමින් Sabre Technologies (Ltd) සහ ලංකාබෙල් (Lankabell) ආයතන අත්වැල් බැඳගෙන ඇත.
ගොවීන් සහ වෙළඳුන් ජංගම දුරකතනය හා අන්තර්ජාලය ඔස්සේ මුණගස්වන farmernet සේවාව හා බැඳුණු www.farmer.lk වෙබි අඩවිය විවෘත කිරීම සහ එම සේවාව නිළවශයෙන් දියත් කිරීමේ උත්සවය 2009 සැප්තැමිබර් 11 අද දින පෙ.ව. 10.00 ට සර්වෝදය සංගමයේ නිර්මාතෘ හා නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ප්රමුඛව සහ අනුග්‍රාහක සහයෝගි ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නුවරඑළිය, ගල්පාලම විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් සිඳුවේ.
මෙම නවතම සේවාවේ ප්‍රථිලාභ භුක්ති විදිමට සහ එයට සමිබන්ධවීමට කැමති ගොවීන් හා වෙළඳුන් අදම අපව අමතන්න. ග්‍රාමීය ජනතාවට, සිය පරමත දේශයේ අවශ්‍යතා සහ පහසුකමි සමඟ ගැලපෙන පිරිවැය අඩු, භාවිත පහසුව සහිත farmernet වැඩපිළිවෙල දිගුකලක සිට ගමට තොරතුරු තාක්ෂණය ගෙනයාමේ පුරෝගාමි කාර්යභාරයක් ඉටුකල සර්වෝදය තොරතුරු තාක්ෂණ වැඩසටහන-ෆියුෂන් (FUSION) www.farmer.lk හී වැදගත් සන්ධිස්ථානයක් වන අතර මෙම මහගු සේවාව ප්‍රජාව වෙත තිළිණ කිරීමට හැකිවීම අද අප ලද ඉමහත් සතුටකි.
මේ දිනවල බහුලව කතා බහට ලක්වන කරණයක් වන ගොවිමහතුන්ගෙ එළවලු නිසි කලට වෙලාවට විකුණාගත නොහෙකි විමෙන් සිදුවන විශාල හනියට farmernet කදිම පිලියමක්වනු නොඅනුමානය.
වැඩි විස්තර සදහා සර්වෝදය ෆියුෂන් අයතනයේ ක්‍රියාකාරි සමාජිකයෙකු හමුවි අදම ඔබගේ ලියාපදින්චිය තහවුරු කරගන්න.
දුරකතන 011 2867590 හෝ 0718304334 ප්‍රසාද් පෙරේරා.





